දිගු දෑස දුටුවාම – රොමේෂ් සුගතපාල

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද?
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද?

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තෙරෙන්නේ
හිතට හිත හිමි නැතිද? අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද?

පෙර එදා හමු වෙලා වෙලුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද?

දිගු දෑස දුටුවාම..

න න න නානා.. නන නා.. නන නා නා නා නා නා.. න නා


Song: Digu Dasa Dutuwama (දිගු දෑස දුටුවාම)

Artists: Romesh Sugathapala (රොමේෂ් සුගතපාල)

VN:F [1.9.22_1171]
Rating: 3.5/5 (4 votes cast)
VN:F [1.9.22_1171]
Rating: +2 (from 4 votes)
දිගු දෑස දුටුවාම - රොමේෂ් සුගතපාල, 3.5 out of 5 based on 4 ratings
Be Sociable, Share!

Leave a Reply